LLM

AI මොඩල අපේම පරිගණකයක ධාවනය කරමු

Submitted by Kamal Wickramanayake on
LLM වර්ගයේ AI මොඩල අපේම පරිගණකයක ධාවනය කිරීම සඳහා Ollama මෘදුකාංගය පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. Linux පරිගණකයක Ollama ඉනස්ටෝල් කර, මොඩල බාගත කර, ඒවා ධාවනය කරන අයුරු මෙම වීඩියෝවෙන් දැක්වෙනවා. පිට අයට අයත් දුරස්ථව ඇති මොඩල භාවිතයට වඩා මේ ආකාරයට මොඩල භාවිතයේ වාසි කිහිපයක් තිබෙනවා. දත්තවල පෞද්ගලිකත්වය රැකගැනීම, අන්තර්ජාලය නොමැති විටෙක වුවත් භාවිතයට ගැනීමට හැකිවීම, දුරස්ථ මොඩල අයිතිකරුවන්ට මුදල් ගෙවීමට අවශ්‍ය නොවීම යන වාසි ඊට අයත්.