Artificial Intelligence

AI මොඩල අපේම පරිගණකයක ධාවනය කරමු

Submitted by Kamal Wickramanayake on
LLM වර්ගයේ AI මොඩල අපේම පරිගණකයක ධාවනය කිරීම සඳහා Ollama මෘදුකාංගය පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. Linux පරිගණකයක Ollama ඉනස්ටෝල් කර, මොඩල බාගත කර, ඒවා ධාවනය කරන අයුරු මෙම වීඩියෝවෙන් දැක්වෙනවා. පිට අයට අයත් දුරස්ථව ඇති මොඩල භාවිතයට වඩා මේ ආකාරයට මොඩල භාවිතයේ වාසි කිහිපයක් තිබෙනවා. දත්තවල පෞද්ගලිකත්වය රැකගැනීම, අන්තර්ජාලය නොමැති විටෙක වුවත් භාවිතයට ගැනීමට හැකිවීම, දුරස්ථ මොඩල අයිතිකරුවන්ට මුදල් ගෙවීමට අවශ්‍ය නොවීම යන වාසි ඊට අයත්.

Teachable Machine - රූප, ශබ්ද සහ ඉරියව් හඳුනාගැනීමට පරිගණකය පුහුණු කරන්න

Submitted by Kamal Wickramanayake on

කෘත්‍රීම බුද්ධිය පිළිබඳ මේ දිනවල බොහෝ දෙනෙක් කතා වෙනවා. මේ පිළිබඳ උනන්දුවක් දක්වන අයට රූප, ශබ්ද සහ ඉරියව් හඳුනාගැනීමේ දී කෘත්‍රීම බුද්ධිය ක්‍රියා කරන්නේ කෙසේද, ඒ සඳහා පරිගණකයක් පුහුණු කරවන්නේ කෙසේද යන්න පිළිබඳ පහසුවෙන් යම් වැටහීමක් ලබා ගැනීමට Teachable Machine වෙබ් අඩවිය භාවිතා කරන්න පුළුවන්.

කෘත්‍රීම බුද්ධිය පිළිබඳ වැඩි වැටහීමක් නොමැති අයට වුවත් පහත දැක්වෙන සබැඳියෙන් Teachable Machine වෙබ් අඩවිය වෙත ගොස් වෙබ් බ්‍රවුසරයක් භාවිතයෙන් රූප, ශබ්ද සහ ඉරියව් හඳුනාගැනීමට පරිගණකය පුහුණු කරවා කෘත්‍රීම බුද්ධිය ක්‍රියා කරන ආකාරය පරික්ෂා කර බලන්න පුළුවන්: