කෘත්‍රීම බුද්ධිය පිළිබඳ මේ දිනවල බොහෝ දෙනෙක් කතා වෙනවා. මේ පිළිබඳ උනන්දුවක් දක්වන අයට රූප, ශබ්ද සහ ඉරියව් හඳුනාගැනීමේ දී කෘත්‍රීම බුද්ධිය ක්‍රියා කරන්නේ කෙසේද, ඒ සඳහා පරිගණකයක් පුහුණු කරවන්නේ කෙසේද යන්න පිළිබඳ පහසුවෙන් යම් වැටහීමක් ලබා ගැනීමට Teachable Machine වෙබ් අඩවිය භාවිතා කරන්න පුළුවන්.
කෘත්‍රීම බුද්ධිය පිළිබඳ වැඩි වැටහීමක් නොමැති අයට වුවත් පහත දැක්වෙන සබැඳියෙන් Teachable Machine වෙබ් අඩවිය වෙත ගොස් වෙබ් බ්‍රවුසරයක් භාවිතයෙන් රූප, ශබ්ද සහ ඉරියව් හඳුනාගැනීමට පරිගණකය පුහුණු කරවා කෘත්‍රීම බුද්ධිය ක්‍රියා කරන ආකාරය පරික්ෂා කර බලන්න පුළුවන්:
https://teachablemachine.withgoogle.com/
උදාහරණයකට එම වෙබ් අඩවියට පිවිස අවශ්‍ය විට පරිගණකයේ කැමරාව භාවිතයෙන් රූප ලබාගෙන විවිධ රූප හඳුනාගැනීමට පරිගණකය පුහුණු කරවා ඉන් පසුව පරිගණකය ලවා රූප හඳුනා ගැනීමට පුළුවන්. එම වෙබ් අඩවියේ එසේ කරන්නේ කෙසේ දැයි දැක්වෙන විස්තර ද අඩංගු වෙනවා. උදාහරණයකට පහත දැක්වෙන්නේ එසේ කරන්නේ කෙසේ දැයි දැක්වෙන වීඩියෝවක්:
- Log in to post comments